Pages


Saturday, September 1, 2012

පන්නාගෙන ඒම

අද පාන්දරම හදිසියේම කොට්ටාවට යන්න අවශ්‍ය තාවයක් ඇතිඋනා අධිවේගී මාර්ගෙත් ගැලනි ගමින් කොට්ටාවට ගිහින් ආයෙම පානදුරේට එන්න පුලුවන් නිසා අධිවේගය පාවිච්චි කරලා අපේ ගමන ගියා ඔය එන අතරවාරයේ එකපාරටම අපි ආපු වාහනේ පහුකරගෙන පොලිස් වාහනයක් ගියා. ඔන්න එතකොට තමයි මට මේ කතාව මතකෙට ආවේ. 

කතාවනම් එච්චර දිග එකක් නෙමෙයි. ඒ හන්දා කියවන්න අපහසුවෙන එකක් නෑ. 


ඔන්න දවසක් පොරක් එයාගේ වාහනේට නැගලා අධිවේගී මාර්ගයේ හැටට හැටේ නෙමෙයි 120 එනවාලු. 
ඔය එන ගමන් ඉදිරි පස තියන පසුපස බලන කන්නාඩියෙන් පේනවලු පොලිස් වාහනයක් එනවා. දැන් පොර තවත් හයියෙන් තමාගෙ වාහනේ පදවනවලු. පොලිස් වාහනේත් සයිරන් එක ගහගෙන පස්සෙන්ම එනවලු. කොහොම හරි සෑහෙන්න දුරක් ඇවිත් පොලිස් වාහනේ ජයගත්තලු. 

දැන් අපේ පොරගෙ වාහනේට ඉස්සරහින් පොලිස් වාහනේ නවත්වලා පොලිස් නිලධාරියෝ දෙන්නෙක් කෙන්තියෙන් බැහැලා ඇවිත් 

 "මොකද තමුසේ පොලීසිය දැකලා ඇරලා තියලා ආවේ

  අපේ කතානායකයා හොඳ සැනසුම් සුසුමක් හෙම ඇරලා 

"අම්මෝ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ රාලහාමි.
 පහුගිය සුමානේ මගේ ගෑනි අධිවෙගේ වැඩකරන පොලිස් රාලහාමිකෙනෙක් එක්ක පැනලා ගියා.
මම හිතුවෙ ආපහු එයාව දෙන්න මගේ පස්සෙ පන්නනවා කියලා"

No comments:

Facebook Badge